ඔස්ටේ්‍රලියාවට ස්ථිර පදිංචිකරුවන් ලක්ෂ 30 ක්

POPULATION

ඉදිරි වසර 08 තුළදි ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ස්ථිර පදිංචිකරුවන් සංඛ්‍යාව ලක්ෂ 30 ක් පමණ වනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.

ඒ අනුව 2030 වසර වනවිට ඔස්ටේ්‍රලියාවේ ජනගහණය සියයට 10 කට වැඩි අගයකින් ඉහළ යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

වසරකදී ඔස්ටේ‍රලියාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන මුලු සංක්‍රමණිකයන් සංඛ්‍යාව 235,000 සීමාව ඉක්මවා යනු ඇතැයිද සඳහන්.

ඔස්ටේ්‍රලියාව තුළ සිදුවන උපත් සංඛ්‍යාවද සළකා බැලීමේදී වාර්ෂිකව අලුතින් 365,000 ක පමණ ජනගහණ වර්ධනයක් ඒ අනුව අපේක්ෂා කෙරෙන බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තාවල දැක්වෙන්නේ.

පසුගිය මාර්තු 31 වනදා වනවිට ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණය සටහන්වී තිබුණේ දෙකෝටි 58 ලක්ෂ 90 දහස් 773 ක් (2,58,90,773) ලෙසයි.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »