Australia Post වාර්තාවක් බිඳ හෙළයි

Australia Post ඉතිහාසයේ වැඩිම පාර්සල් බෙදා හරින ලද කාලසීමාව බවට මෙවර නත්තල් සමය පත්ව තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් – දෙසැම්බර් කාලසීමාවේදී ඔවුන් විසින් බෙදා හැර තිබූ පාර්සල් ප්‍රමානය මිලියන 21 ක්.

එහෙත් ඔන්ලයින් දීමනා රැසක් ක්‍රියාත්මක වීම හමුවේ ඔන්ලයින් ක්‍රමයට ඇණවුම් කර ඇති භාණ්ඩ ප්‍රමාණය මෙවර සියයට 03 කින් පමණ ඉහළ යාම හමුවේ පසුගිය වසරේ වාර්තාව මෙවර බිඳ වැටී තිබෙනවා.

මෙවර නත්තල් කාලසීමාවට මුහුණදීම සඳහා Australia Post විසින් නව සේවකයන් 6000 ක් බඳවාගනු ලැබුවා.

දේශීය සහ ජාත්‍යන්තර නත්තල් සුබ පැතුම් සහ පාර්සල් බෙදා හැරීම සඳහා භාරගන්නා අවසාන දින වකවානුද Australia Post විසින් මෙවර කලින්ම ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »