2022 දී වංචා නිසා ඔස්ටේ්‍රලියානුවන් අහිමි කරගත් මුදල $ මිලියන 474 ඉක්මවයි

ගෙවී යන වසරේදී විවිධ වංචාවන්ට හසුවීමෙන් ඔස්ටේ්‍රලියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් මිලියන 474 කට අධික බවට තක්සේරු කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ඉන් බහුතරය වන ඩොලර් මිලියන 320 ක පමණ මුදල ආයෝජන සම්බන්ධ වංචාවලට අයත් වන බවයි.

2021 වසරේදී ආයෝජන සම්බන්ධ වංචා ප්‍රමාණය ඩොලර් මිලියන 177 ක් ලෙස පැවති නමුත් මෙම වසරේදී එය තවත් ඩොලර් මිලියන 143 කින් පමණ ඉහළගොස් තිබෙනවා.

dating apps සහ විවිධ ආදර සම්බන්ධතා වංචා හමුවේ ඔස්ටේ්‍රලියානුවන් විසින් මෙම වසරේදී අහිමි කරගෙන ඇති මුදල ඩොලර් මිලියන 32 කට ආසන්නයි.

ඔන්ලයින් භාණ්ඩ මිළදී ගැනීම් – ව්‍යාජ බිල්පත් සහ පිරමිඩ් වංචා වැනි ක්‍රම ද මෙම වසරේ වැඩිම වංචා අතරට අයත් වනවා.

කෙසේවෙතත් විවිධ වංචාවන්ට හසුවී බලධාරීන්ට වාර්තා නොකළ පිරිස මීට වඩා වැඩිවිය හැකි බැවින් වංචා මුදලද මීට වඩා ඉහළ අගයක් ගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »