ලබන වසරේ ඔස්ටේ්‍රලියාවේ පෙට්‍රල් මිළ ගැන අනාවැකියක්

ලබන වසරේදී ඔස්ටේ්‍රලියාවේ පෙට්‍රල් මිළ ගණන් සම්බන්ධයෙන් පුරෝකථනයක් සිදුකර තිබෙනවා.

ගෝලීය බොරතෙල් මිළ – යුක්රේන රුසියා අර්බුදය වැනි සාධක හමුවේ 2023 දි ඔස්ටේ්‍රලියාවේ ඉන්ධන මිළ වෙනස්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

හෙටින් අවසන් වන 2022 වසරේදී ඔස්ටේ්‍රලියාව තුළ ඉහළම ඉන්ධන මිළක් සටහන්වූයේ පසුගිය ජූනි මාසයේදී වන අතර එහිදී පෙට්‍රල් ලීටරයක මිළ ඩොලර් 02.20 දක්වා වැඩිවී තිබුණා.

ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ ලබන වසරේ උද්ධමනය සහ පොළී අනුපාතික වෙනස්වීම හමුවේ සමස්ත රටේ ආර්ථිකය හැසිරෙන ආකාරය මත ඉන්ධන මිළ ගණන්ද වෙනස්වනු ඇති බවයි.

කෙසේවෙතත් එක් එක් නගර අනුව ඉන්ධන මිළෙහි සිදුවන වෙනස්වීම් පිළිබඳ අනාවැකි පළකිරීමට මෙතෙක් හැකියාවක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »