සයිබර් ප්‍රහාරයකට මොරිසන් ද ගොදුරුවෙයි

ට්විටර් පරිශීලකයන් මිලියන 400 කගේ පමණ දත්ත සොරා ගැනීමේ සිදුවීමකදී හිටපු අගමැති ස්කොට් මොරිසන් ගේ පුද්ගලික දත්තද නිරාවරණය වි තිබෙනවා.

හිටපු අගමැතිවරයාට අමතරව ජනප්‍රිය චරිත රැසකගේ පුද්ගලික දත්ත ද මෙලෙස අන්තර්ජාලයට නිකුත් වි ඇති බවයි සඳහන් වන්නේ.

ස්කොට් මොරිසන්ගේ ඊ-මේල් ලිපිනය පමණක් මෙහිදී නිරාවරණය වී ඇති නමුත් දුරකථන අංකය ඇතුලු වෙනත් සංවේදී තොරතුරු මාධ්‍යයට නිකුත් වී නැහැ.

අදාළ සයිබර් ප්‍රහාරකයන් ට්විටර් සමාගමෙන් ඩොලර් ලක්ෂ 03 ක පමණ කප්පමක් ඉල්ලා තිබෙනවා.

මේ අතර අද පෙරවරුටේ ට්විටර් සමාජ ජාලයේ කිසියම් බිඳවැටීමක් වාර්තා වී තිබෙනවා.

ලොව පුරා පරිශීලකයන් පවසා ඇත්තේ විනාඩි කිහිපයකට තමන්ට ට්විටර් වෙත පිවිසීමට නොහැකි වී තිබූ බවයි.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »