
චිනයෙන් පැමිණෙන සංචාරකයන්ට බලාත්මක කොවිඩ් රෙගුලාසි සංශෝධනය කිරීම කෙරෙහි ඔස්ටේ්‍රලියාවේ අවධානය යොමුවී තිබෙනවා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් සෞඛ්‍ය අංශ විසින් පවතින තත්වය සමීපව නිරීක්ෂණය කර පියවරක් ගනු ඇති බවත් අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලා.
චීනයේ නව කොවිඩ් ප්‍රභේදයක් පැතිරයාමත් සමග රටවල් රැසක් මේ වනවිට නැවතත් චීන සංචාරකයන් සඳහා කොවිඩ් රෙගුලාසි දැඩි කරමින් සිටිනු දක්නට හැකියි.

එහි ප්‍රධානතම සිදුවීම වන්නේ රටට පැමිනෙන චීන සංචාරකයන් විසින් කොවිඩ් සෘණාත්මක බව දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කල යුතු බවට අමෙරිකාව විසින් පණවා ඇති නියමයයි.
ජපානය – ඉතාලිය – දකුණු කොරියාව – තායිවානය සහ ඉන්දියාව විසින්ද චීන සංචාරකයන් සඳහා එවැනි රෙගුලාසි පණවා තිබෙනවා.

මෙම සියලු තත්වයන් සළකා බලා ඔස්ටේ්‍රලියාව විසින් අවසන් තීරණයක් ගන්නා බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියේ.