ඉන්දියානුවන්ට අද සිට ඔස්ටේ්‍රලියා Skilled – Student වීසා සහන රැසක්

ඔස්ටේ්‍රලියා – ඉන්දියා නව වෙළඳ හා ආර්ථික ගිවිසුම අද සිට බලාත්මකවීමත් සමග ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වන ඉන්දීය ජාතිකයන්ට අද සිට වරප්‍රසාද කිහිපයක් අත් වනවා.

ඒ අනුව මෙරටදී උසස් අධ්‍යාපනය හදාරා අවසන් කරන ඉන්දීය සිසුන්ට වැඩි කාලසීමාවක් ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිට රැකියාවල නිරතවීමට අවසර හිමිවනවා.

ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා අවසන් කල අයෙකුට මාස 18 ක් – උපාධියක් සම්පූර්ණ කල අයෙකුට වසර 02 ක් සහ Masters උපාධියක් අවසන් කල අයෙකුට වසර 03 ක් ලෙස මේ අනුව ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටිය හැකි වනු ඇති.

ඔස්ටේ්‍රලියානු Working Holiday වීසා කාණ්ඩය සඳහා වයස අවුරුදු 18 ත් 30 ත් අතර ඉන්දීය පුරවැසියන් ඇතුළත් කිරීමද දෙරට අතර ආර්ථික ගිවිසුමට ඇතුළත්.

කෙසේවෙතත් එය බලාත්මක වන්නේ ඉදිරි වසර 02 ඇතුළතයි.

සුදුසුකම් ලත් ඉන්දීය වෘත්තිකයන්ට ඔස්ටේ‍රලියා Skilled වීසා ලබාගැනීම පහසු කිරීමද අද සිට බලාත්මක වනවා.

ඒ අනුව ඉන්දීය සූපවේදීන්ට සහ යෝගා ශිල්පීන්ට වැඩි අවස්ථාවක් හිමිවන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »