
ස්වදේශික ජනතාවට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමට අදාළ ජනමත විචාරණය ලබන වසරේ දෙසැම්බර් මාසයට පෙර පවත්වන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් සහතික වනවා.
එය ලේබර් පක්ෂ රජය යටතේ ආදිවාසී ජනතාවට ලබාදිය හැකි ඉහළම ගෞරවයක් වනු ඇති බවයි අගමැතිවරයා සඳහන් කර සිටින්නේ.
ඔහු මේ බව සඳහන් කලේ ක්වීන්ස්ලන්ඩ් හි පැවති ජන හමුවකට සහභාගී වෙමිනුයි.

දේශගුණ ක්‍රියාකාරීන් පිරිසකගෙන් අගමැති ඇල්බනීස්ට මෙහිදී බාධා එල්ලවීමද විශේෂත්වයක්.
කෙසේවෙතත් මේ වනවිටත් නැෂනල්ස් පක්ෂය අවධාරණය කර ඇත්තේ ස්වදේශික ජනතාවට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමේ සැළසුමට විරෝධය පළ කරන බවයි.

එමගින් ස්වදේශික ජනතාවට නිසි අයිතිවාසිකමක් නොලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.