නොවැම්බරයේ ලාංකිකයන් යොමුකල සියලුම සරණාගත වීසා ප්‍රතික්ෂේපයි

පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් විසින් ඔස්ටේ්‍රලියාවේ සරණාගතභාවය පතා ඔස්ටේ්‍රලියාවේ සිට යොමුකළ සියලූම සරණාගත අයදුම්පත් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

පසුගිය මාසයට අදාළව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති Onshore Protection වීසා පිළිබඳ වාර්තාවේයි මේ බව සඳහන් වන්නේ.

නොවැම්බර් මාසය තුළදී ශ්‍රී ලාංකිකයින් විසින් Onshore Protection වීසා හෙවත් 866 වීසා අයදුම්පත්‍ර 50 ක් යොමු කර තිබුණා.

ඒවා සියල්ල සහ ඊට පෙර යොමු කර තිබු අයදුම්පත්‍ර 08 ක් ද ඇතුලුව සමස්තයක් ලෙස අයදුම්පත්‍ර 58 ක් පසුගිය මාසයේදී ප්‍රතික්ෂේප වී ඇති බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ.

නොවැම්බර් මාසයේදී මෙම වීසා සඳහා යොමු කළ මුළු අයදුම්පත් සංඛ්‍යාව 1,643 ක්.

ඉන් වැඩිම ප්‍රතික්ෂේප වීම සටහන් වන්නේ මැලේසියානු ජාතිකයින් විසින් යොමු කරන ලද වීසා අයදුම්පත් 333 ක් ප්‍රතික්ෂේප වීමයි.

ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ 6 වන ස්ථානයේ පසුවනවා.

https://www.homeaffairs.gov.au/research-and-stats/files/monthly-update-onshore-protection-866-visa-processing-november-2022.pdf

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »