සිඩ්නි ගිණි කෙළි සංදර්ශන නොමිළයේ නැරඹීමට අවස්ථාවක්

ඉදිරි ප්‍රාන්ත මැතිවරණයෙන් තමන් ජයගතහොත් ලබන වසරේ සිට නව වසර උදාවේ සිඩ්නි වරාය පාලම අසළ ගිණි කෙළි සංදර්ශන මහජනතාවට සම්පූර්ණයෙන්ම නොමිළයේ නැරඹීමට අවස්ථාව ලබාදෙන බවට නිවු සවුත් වේල්ස් ලේබර් පක්ෂය පවසනවා.

ප්‍රාන්ත විපක්ෂ නායක ක්‍රිස් මින්ස් පැවසුවෛ් දැනට ඇතැම් ස්ථානවල සිට නොමිළයේ නැරඹිය හැකි වුවද ඇතැම් ස්ථාන සඳහා ඩොලර් සිය ගණනක මුදල් ගෙවා කලින් වෙන් කරවා ගැනීමට ඔස්ටේ්‍රලියානුවන්ට සිදුවන බවයි.

මෙවර ද 45,000 කට ආසන්න පිරිසක් දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ සිඩ්නි වරාය පාලම අසළට පැමිණෙනු ඇති බවත් ඉන් ඇතැමුන් ඩොලර් 595 ක් වැනි මුදලකට ප්‍රවේශපත්‍ර ලබාගත යුතුව ඇති බවත් ඔහු සඳහන් කලා.

ලොවම ප්‍රචලිත සිඩ්නි ගිණි කෙළි සංදර්ශන නැරඹීමට ඔස්ටේ්‍රලියානුවන් විසින් මුදල් ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි නිවු සවුත් වේල්ස් විපක්ෂය අවධාරණය කරන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණය ලබන වසරේ මාර්තු 25 වනදා පැවැත්වීමට නියමිතයි.

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »