ශ්‍රී ලංකාවේ උපත ලබා හෝ ශ්‍රී ලාංකික සම්භවයක් සහිතව ලොව කුමන හෝ රටක උපත ලබා දැනට ඔස්ටේ්‍රලියාවේ වාසය කරමින් මෙරට ඉහළම තලයට ගමන් කල කාන්තාවන් කිහිප දෙනෙකු පිළිබඳ Ausලංකා TV තබන සටහනකි මේ.
මොවුන්ට අමතරව තවත් බොහෝ අය සිටිය හැකි අතර තෝරාගත් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු පමණක් ඉදිරිපත් කෙරේ.
ශෙමාරා වික්‍රමනායක :
2021 වසරේදී ඔස්ටේ්‍රලියාවේ වැඩිම වැටුපක් ලබාගන්නා ප්‍රධාන විධායක නිළධාරීන් (CEO) අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක සමත්වී තිබෙනවා.
Macquarie සමූහයේ ප්‍රධාන විධායක නිළධාරිනිය වන ඇය 2021 ජූනි මාසයෙන් අවසන්වූ මාස 12 තුළ ලබාගෙන ඇති වැටුප ඩොලර් මිලියන 15.97 ක්.
The Australian Financial Review වාර්ෂික ලේඛනය විසිනුයි මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ.
ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරික සඟරාවක් වන ඇමරිකාවේ ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශිත 2020 වසරේ ලොව බලවත්ම කාන්තාවන් සිය දෙනාගේ ලයිස්තුවට ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති ශෙමාරා වික්‍රමනායක ඇතුලත් වෙන්නේ ශ්‍රී ලංකාවට ද කීර්තියක් අත්කර දෙමින් ය.
වර්ෂ 1962 දී එක්සත් රාජධානිය උපත ලැබූ ශෙමාරා වික්‍රමනායක කුඩා කාලයේ දී ශ්‍රී ලංකාවේ වාසයකර ඉන්පසුව වයස අවුරුදු දහතුනක් සපිරෙන විට දෙමව්පියන් සමග ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙනවා.
===============================================================================
සමන්තා රත්නම් :
වික්ටෝරියානු ප්‍රාන්ත හරිත පක්ෂයේ (Green Party) නායිකාවය.
ඇගේ පවුල 83 කලු ජූලි සමයේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පවුලක්.
සමන්තා රත්නම් වික්ටෝරියානු ප්‍රාන්ත දේශපාලනය තුළත් ජාතික දේශපාලනය තුළත් යම් කිසි ආකාරයකට ලංකාවට බලපාන දේශපාලනයකද යෙදෙනවා.
ඇය වැන්නියකට ඕස්ට්‍රේලියානු දේශපාලනයේදී වැදගත් තැනක් හිමිව තිබෙනවා.
===============================================================================
කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු :
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමට එරට කම්කරු පක්ෂය මැයි (21) සමත් විය.
එහිදී මෙල්බන් හෝල්ට් අසුනට කම්කරු පක්ෂයෙන් තරග වැදුණු කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු එම අසුන ජයග්‍රහණය කළාය.
57.5% ප්‍රතිශතයක් ලබා ගනිමින් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 40,187කි.
34 හැවිරිදි කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකේය කාන්තාව බවට පත් විය.
කැසෙන්ඩ්‍රා වයස අවුරුදු 11දී සිය දෙමව්පියන් සමග 1999 වසරේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ.
===============================================================================
මිනෝලි පෙරේරා :
ශ්‍රී ලංකාවේ උපත ලැබූ ඔස්ට්‍රේලියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන මිනෝලි පෙරේරා ඔස්ට්‍රේලියානු රජය විසින් සිම්බාබ්වේ හි තානාපතිනිය ලෙස නම් කරනු ලැබූ බව මාධ්‍ය වාර්තා කළේය.
ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් තානාපතිවරියක ලෙස විදෙස් රටක සේවය කිරීමට නියමිත පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඇය ඉතිහාසයට එක් වූවාය.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොංගෝ බ්‍රසාවිල්, මලාවි සහ සැම්බියාව වැනි රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක ලෙස කටයුතු කර ඇති මිනෝලි පෙරේරා ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වේ.
මෑතකදී ඇය ප්‍රධාන ආරක්ෂක නිලධාරිනිය ලෙසත්, පළමු සහකාර ලේකම්වරිය ලෙසත් කටයුතු කළාය.
මීට අමතරව බීජිං, පෝට් මෝර්ස්බි, නිව්යෝර්ක්, බුවනෝස් අයර්ස් සහ ටෙල් අවිව් හි ද ඇය ඔස්ට්‍රේලියාව වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික සේවයේ නිරතව සිටියාය.
===============================================================================