සුපිරි ටෙනිස් ක්‍රීඩක ජොකොවිච් ඔස්ටේ්‍රලියාවට

ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩකයෙකු වන නොවැක් ජොකොවිච් ඔස්ටේ්‍රලියාවට පැමිණ තිබෙනවා.

10 වන වරටත් ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් කිරුළ දිනාගැනීමේ අරමුණ ඇතිවයි ඔහු මෙවර තරග සමයට සහභාගී වනුයේ.

ලබන පළමුවනදා ඇඩිලේඩ් හිදී ආරම්භ වන ටෙනිස් තරගාවලියකට ඔහු පළමුවෙන් සහභාගී වන අතර අනතුරුව ජනවාරි 16 වනදා මෙල්බන් හිදී ආරම්භ වන ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියටද නොවැක් ජොකොවිච් සහභාගී වනු ඇති.

පසුගිය ජනවාරි මාසයේ පැවති ටෙනිස් තරග සමයට සහභාගී වීම සඳහා පැමිණියද ඔහුට ඔස්ටේ්‍රලියාවෙන් පිටත්වයාමට සිදුවූයේ නිසි එන්නත්කරණ අවශ්‍යතා සම්පූර්ණ නොකර රටට පැමිණිම හේතුවෙනුයි.

ඒ අනුව රටින් පිටුවහල් කිරීම හමුවේ වසර 03 ක් යනතුරු නැවතත් ඔස්ටේ්‍රලියාවට පැමිණිමට නොහැකි තත්වයකට ඔහු මුහුණ දී සිටියද වත්මන් සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් පසුගියදා තහවුරු කලේ ජොකොවිච් ට වීසා බලපත්‍රයක් ලබාදීමට කටයුතු කල බවයි.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »