ඊf් දිනයට යෙදී තිබූණු බොක්සින් දිනයේදී නිවු සවුත් වේල්ස් වෙරළ තීරයන් හි දිය නෑමට ගොස් සිටියදී අනතුරට ලක්වු 348 දෙනෙකුගේ දිවි ගලවාගැනීමට වෙරළාරක්ෂක බලකාය සමත්වී තිබෙනවා.
කුඩා ළමුන් – මැදි වයසේ පුද්ගලයන් මෙන්ම – අවුරුදු 70 ක් වැනි වයෝවෘද්ධ ජනතාවද ඒ අතර වූ බව සඳහන්.
260 දෙනෙකුට ප්‍රථමාධාර දී තිබූ අතර ගිලන් රථ 24 ක් සේවයට යොදවා තිබී ඇතැයි සඳහන්.
වික්ටෝරියා ප්‍රාන්තයේ විවිධ ස්ථානවල ඊයේ දිනය තුළ දියේ ගිලීම් හමුවේ පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් තිබුණා.