තම සියවන ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කිරීමට ඔස්ටේ්රලියා සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් අද සමත්වුණා.
ඒ දකුණු අප්රිකාවට එරෙහිව මෙල්බන් ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගයේදීයි.
තරගයේ දෙවන දිනය වන අද එය නැරඹීම සඳහා අග්රාමාත්ය ඇන්තනී ඇල්බනීස් ද සහභාගීවී සිටීම විශේෂත්වයක්.
ඩේවිඩ් වෝනර් ටෙස්ට් ශතකයක් වාර්තා කරනු ලැබුවේ 2020 වසරේ ජනවාරි මාසයෙන් පසුවයි.
තමන්ගේ සියවන ටෙස්ට් තරගයේදී වැඩිම ළකුණු වාර්තා කර ඇති ඔස්ටේ්රලියානු පිතිකරුවා බවටද අද දිනයේදී ඩේවිඩ් වෝනර් පත්වූයේ මෙතෙක් ළකුණු 143 ක් ලබා එම වාර්තාවට හිමිකම් කී රිකී පොන්ටින් අභිබවා යමිනුයි.