ඔස්ටේ්‍රලියා රජය dating apps ගැන තීරණයක් ගන්න යයි

Dating apps භාවිතයේදී ගත යුතු ආරක්ෂක පියවර සහ සංශෝධනය විය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

2023 වසරේදී අදාළ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමටයි මධ්‍යම රජයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍යවරිය සූදානමින් සිටින්නේ.

Dating apps භාවිතය සහ ඒවායෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුවී තිබීමයි මීට හේතුව වී ඇත්තේ.

එවැනි apps භාවිතයේදී ලිංගික ප්‍රචණ්ඩත්වය, ලූහුබැඳීම, පහරදීම් සහ නොමනා ඡායාරූප බෙදාගැනීම් ඉහළ ගොස් ඇති බවයි නවතම සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ.

සමීක්ෂණ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් හතරෙන් තුනක්ම පසුගිය වසර පහ තුළ කිසියම් ආකාරයක online ලිංගික හිංසනයකට ගොදුරු වී ඇති බව එහිදී තහවුරු වී තිබඉුණා.

මින් 27% ක් මත්පැන් පානය හා සම්බන්ධ බලහත්කාර සිදුවීම් බවද වාර්තා වනවා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »