
වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 04 ක උෂ්ණත්වය ඉදිරි දින කිහිපයේදී ඉතා ඉහළ අගයක් ගනු ඇති බවට අනාවැකි පළවනවා.
දකුණු ඔස්ටේ්‍රලියා – ටස්මේනියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යනු ඇති බවයි කාළගුණ අනාවැකියේ සඳහන් වන්නේ.
සතියකට ආසන්න කාලයක් මෙම තත්වය පවතිනු ඇති බවත් ජනවාරි 03 වනදා වනවිට නැවතත් සාමාන්‍ය උෂ්ණත්වයකට පත්වනු ඇති බවටත් පුරෝකථනය කර තිබෙනවා.

අද දිනයේදී ඇඩිලේඩ් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 කට ආසන්න වනු ඇති බවට අනාවැකි පළවීමත් සමග ප්‍රදේශ රැසක ගින්දර තහණමක් (fire ban) පණවා ඇති අතර එය හෙට දක්වා බලාත්මකයි.
අද දිනයේ මෙල්බන් නගරයේ උපරිම උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 37 ක් ලෙසයි.
