Search

ලොව නිවාඩු වැඩිම රටවල් අතර 04 වෙනි ස්ථානය ශ්‍රී ලංකාවට

ලොව පොදු නිවාඩු වැඩිම රටවල් අතර හතරවෙනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පොදු නිවාඩු සංඛ්‍යාව 25 ක් ලෙසයි නවතම දර්ශකයක දැක්වෙන්නේ.

මෙම දර්ශකයේ පළමු වෙනි ස්ථානයේ මියන්මාරය පසුවන අතර මියන්මාරය පොදු නිවාඩු 32 කට හිමිකම් කියනවා.

දෙවන ස්ථානය නේපාලයටත් 3 වන ස්ථානය ඉරානයටත් හිමිවී ඇති අතර පිළිවෙලින් පොදු නිවාඩු 30 ක් සහ 26 ක් එම රටවල් දෙකට හිමි වී ඇතැයි සඳහන්.

මෙම දර්ශකයේ ඉන්දියාවට නව වෙනි ස්ථානය හිමිව ඇති අතර ඉන්දියාවේ පොදු නිවාඩු ප්‍රමාණය 21 ක්.

ශ්‍රී ලංකාවේ පොදු නිවාඩු ප්‍රමාණය 25 ක් ලෙස මෙම දර්ශකයේ සටහන් වී තිබුනත් සති අන්තයට යෙදෙන ඇතැම් පොදු නිවාඩු සඳුදා දින ලබා දෙන බැවින් ශ්‍රී ලංකාව මියන්මාරයද අභිබවා යනු ඇතැයි සඳහන්.