Search

වික්ටෝරියා රථවාහන දඩ දහස් ගණනක් නොසළකා හැරීමේ තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ නිකුත් කල රථවාහන දඩ දහස් ගණනක් නොසළකා හැරීම කෙරෙහි ප්‍රාන්ත පොලිසියේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ ඇතැම් මාර්ගවල වේග සීමා කිහිපයක් ක්‍රියාත්මක වීම හමුවේ රියදුරන්ට අසාධාරණයක් සිදුවී ඇති බවට Fines Victoria විසින් නිගමනය කිරීම හේතුවෙනුයි.

මේ අනුව පසුගිය අප්‍රේල් 15 වනදාත් ජූනි 16 වනදාත් අතරදී දඩ පත්‍රිකා නියම වූ විශාල පිරිසක් එම දඩ ගාස්තුවලින් නිදහස් කෙරෙනු ඇති.

දීර්ඝ කාලයක සිට උපරිම වේගය පැ.කි.මී 60 ක් ලෙස පැවතියද මෙම කාලසීමාව තුළදී පැ.කි.මී 40 ඉක්මවා ධාවනය කල රියදුරන්ට පවා දඩ නියම කර තිබූ බව සඳහන්.

කිසියම් අයෙකු දැනටමත් අදාළ දඩ ගෙවා ඇත්නම් ඒවා ඔවුන්ට නැවත ගෙවීමටද නියමිතයි.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »