ගම්පහ දිස්ති‍්‍රක්කයේ ඇදිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ජනතාවට රුපියල් 5000 දීමනාවක්!

ගම්පහ දිස්ති‍්‍රක්කයේ ඇදිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ජනතාවට රුපියල් 5000 දීමනාවක්!

Rs. 5,000 payment  for people who lost their jobs due to curfew in Gampaha District!

කොවිඞ් 19 වසංගතය පැතිරයාම පාලන සඳහා පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා ශ්‍රී ලංකා රජය රුපියල් කෝටි 40ක මුදලක් වෙන් කර තිබේ. අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ එම මුදල් ලබා දීමේ පළමු අදියර ලබන අගහරුවාදා සිට ආරම්භ කරන බවයි.

මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට සංචරන සීමා කර ඇති ගම්මාන 05 ඇතුළුව මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප‍්‍රදේශ අයත්වන මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, හා මීරිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පවුල් 72,345 සදහා මෙම 5000 දීමනාව මුල් අදියරේදී ලබා දීමට නියමිතයි.

මේ අතර ගම්පහ දිස්ති‍්‍රක්කයේ පිඩාවට පත්ව සිටින පවුල් සඳහා වියලි ආහාර මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙලක්ද කි‍්‍රයාත්මක වේ.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »