ජෙට් ස්ටාර් ගාස්තු $ 39 දක්වා පහළට

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම අඩු පිරිවැය ගුවන් සේවය වන ජෙට් ස්ටාර් විසින් බොක්සින් දිනයේදී ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන අගයන්ගෙන් අඩු කර තිබෙනවා.

ඒ අනුව ඇතැම් අභ්‍යන්තර ගුවන් ගමන් ගාස්තු ඩොලර් 39 ක් වැනි අගයකට අඩු කර ඇති අතර ජාත්‍යන්තර ගුවන් ගමන් ගාස්තු ඩොලර් 175 ක් වැනි අගයක සිට ආරම්භ වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් මෙම ගාස්තු පැය 48 ක කාලයක් සඳහා පමණක් වලංගු වන අතර හෙට මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වනු ඇති.

කිසියම් අයුරකින් ඊට පෙර වට්ටම් සහිත ගුවන් ටිකට් පත් සියල්ල මිළදී ගත හොත් මෙම සුවිශේෂී දීමනා අවසන්විමටද නියමිතයි.

සිඩ්නි සිට Ballina Byron දක්වා ගාස්තුව ඩොලර් 39 ක් / ගෝල්ඩ් කෝස්ට් සිට මෙල්බන් දක්වා ඩොලර් 49 ක් / හෝබාට් සිට බ්‍රිස්බන් දක්වා ඩොලර් 119 ක් / ඇඩිලේඩ් සිට පර්ත් දක්වා ඩොලර් 139 ක් ලෙස මෙම කාලසීමාවේදී ගුවන් ටිකට් පත් මිළදී ගත හැකියි.

එමෙන්ම Phuket, Bangkok, Honolulu සහ ජපානයේ ඇතැම් ගමනාන්ත සඳහා කැපී පෙනෙන ලෙස ජෙට් ස්ටාර් ගාස්තු පහළ දමා තිබෙනවා.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »