නත්තල් සතියේදී ඔස්ටේ්රලියාව පුරා රිය අනතුරුවලින් පුද්ගලයන් 15 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
ඉන් බහුතරය නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලින් බවටයි තහවුරු වී ඇත්තේ.
නත්තල් නිවාඩු ගත කිරීම සඳහා වැඩි පිරිසක් ගමන් කිරීම හමුවේ ආරක්ෂාකාරීව රිය පදවන්නැයි මාර්ග රථවාහන අංශ භාර පොලිස් නිළධාරීන් රියදුරන්ට දන්වා සිටිනවා.
පසුගිය වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් රිය අනතුරු හමුවේ පුද්ගලයන් 224 දෙනෙකු මියගොස් තිබූ අතර මේ වසරේදී එය 236 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බීමත්ව රිය පදවන්නන් සංඛ්‍යාවේ වැඩිවීමක්ද මෙම කාලසීමාවේදී දක්නට ලැබෙනවා.