
ඔස්ටේ්‍රලියාවේ සුබසාධන දීමනා හිමියන්ට අදාළ දේපල නීති කිහිපයක් ලබන පළමුවනදා සිට වෙනස් කර තිබෙනවා.
ඒ අනුව, Centrelink හිමිකම් ලබන්නෙකු තම ප්‍රාථමික නිවාසය විකිනිම සිදු කල හොත්, ඔවුන් නව නිවස සඳහා භාවිතා කිරීමට අදහස් කරන විකිණූ නිවසින් ලැබෙන මුදල් ප්‍රමාණය, ඔවුන්ගේ වත්කම් පරීක්ෂණයට ඇතුළත් වන්නේ නැහැ.
දැනට ඇති නිවසට වඩා අඩු ඉඩක් සහ කාමර සහිත නිවසකට යාමට අවශ්‍ය නම් හෝ වෙනත් නිවසකට යාමට අවශ්‍ය නම් මෙය උපකාරී වනු ඇති.

Centrelink ප්‍රතිලාභ, සෙසු දීමනා සහ ඇතැම් අඩු ආදායම්ලාභී සෞඛ්‍ය සේවා කාඩ්පත් හිමියන්ට මෙම වෙනස්කම් අදාල වනවා.
නිවස විකිනීම සිදු කරන්නේ නම් ඒ බව දින 14 කට පෙර දැනුම් දිය යුතු වනවා.

මේ අතර ජනවාරි පළමුවනදා සිට Youth allowance හෙවත් තරුණ ප්‍රජාව සඳහා වන දීමනාව දෙසතියකට ඩොලර් 19.10 ත් 41.40 ත් අතර ඉහළ යනු ඇති අතර Austudy දීමනාව දෙසතියකට ඩොලර් 32.40 ත් 41.40 ත් අතර අගයකින් ඉහල යාම සිදුවනවා.
වයස අවුරුදු 21 ට අඩු සහ දරුවන් නොමැති ආබාධිත ආධාර විශ්‍රාම වැටුප් ලබන පුද්ගලයින් හට දෙසතියකට ඩොලර් 27.40 ත් 40.70 ත් අතර ලැබෙන අතර සෙසු දීමනා රැසක්ද 2023 වසරේදී ඉහල යාම සිදුවනවා.
(SBS)