අදට යෙදී ඇති බොක්සින් දිනයේදී ඔස්ටේ්‍රලියානුවන් විසින් වියදම් කරනු ඇතැයි අපේක්ෂා කරන මුදල ඩොලර් බිලියන 23.5 ක් පමණ වනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.
එය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 7.9 ක ඉහළයාමක්.
ඔස්ටේ්‍රලියානු සිල්ලර වෙළඳ සංගමය නිකුත් කර ඇති වාර්තාවක් අනුව අද (දෙසැම්බර් 26 වනදා) සිට ජනවාරි 15 වනදා දක්වා කාලය තුළදී වට්ටම් විශාල ප්‍රමාණයක් සහිතව බොහෝ භාණ්ඩ වර්ග අලෙවි වනු ඇති.
කෙසේවෙතත් භාණ්ඩ මිළ සහ පොළී අනුපාත ඉහළ අගයක් ගැනීම මෙන්ම උද්ධමනය වැඩිවීම හමුවේ මෙවර තනි පුද්ගල වියදම් ප්‍රමාණය අඩු වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
ඒ අනුව පසුගිය වසර් බොක්සින් දිනයේදී භාණ්ඩ මිළදී ගැනීම සඳහා ඒක පුද්ගල වියදම ඩොලර් 501 ක් ලෙස පැවතියද මෙවර එය ඩොලර් 483 දක්වා අඩුවනු ඇති බවට ගණන් බලා තිබෙනවා.
මෙවරත් බොක්සින් දිනයේදී ඔස්ටේ්‍රලියානුවන් විසින් වැඩිම මුදලක් වියදම් කරනු ඇති බවට අපේක්ෂා කෙරෙන්නේ Hospitality අංශය සඳහායි.
එය සමස්ත වියදමෙන් සියයට 30 ක් වැනි ඉහළ අගයක් ගනු ඇති බව සඳහන්.
ඇඳුම් හා සපත්තු / විද්‍යුත් උපාංග දෙවන හා 03 වන ස්ථාන හිමිකරගෙන තිබෙනවා.