
ඔස්ටේරලියානු රජය විසින් සිම්බාබ්වේ හි මීළග ඔස්ටේරලියානු තානාපතිනිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මිනෝලි පෙරේරා පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ උපත ලබා ඔස්ටේරලියානු රජයෙන් තානාපති පත්වීමක් ලද පළමු තැනැත්තිය බවටද ඇය මේ අනුව පත්වීම විශේෂත්වයක්.
අගමැති ඇන්තනී ඇල්බනීස්ගේද අනුමැතිය යටතේයි විදේශ ඇමතිනී පෙනී වොංග් විසින් මෙම පත් කිරිම සිදුකර ඇත්තේ.

සිම්බාබ්වේ සමග ඇති සබඳතාව වැඩිදියුණු කිරීමට මෙම පත් කිරීම ඉවහල් වනු ඇති බවද විදේශ ඇමතිනිය සඳහන් කලා.
මිනෝලි පෙරේරා මීට පෙර තවත් රටවල් ගණනාවකද ඔස්ටේ්‍රලියානු විදේශ සේවයේ විවිධ තනතුරු හොබවා තිබෙනවා.
