ඔස්ටේ්‍රලියානුවන්ගේ ආයු අපේක්ෂාව ඉහළට

POPULATION

ඔස්ටේ්‍රලියානුවන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් තිබෙනවා.

2019-2021 කාලයේ දත්ත ආශ්‍රිත තොරතුරුවලට අනුව පිරිමි අයෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 81.3 ක් ලෙසද කාන්තාවකගේ අවුරුදු 85.4 ක් ලෙසද සටහන් වන බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.

එය 2018-2020 කාලය හා සැසඳීමේදී දෙපාර්ශවයෛ්ම ආයු අපේක්ෂා කාලය වසර 0.1 කින් ඉහළ යාමක් වනවා.

කොවිඩ් සමය තුළදී ආයු අපේක්ෂා ඉහළ ගිය සීමිත රටවල් අතුරින් එකක් බවට මේ අනුව ඔස්ටේ්‍රලියාවද පත්වීම විශේෂත්වයක්.

එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ආයු අපේක්ෂා වසරවලට වඩා වසර 10 කින් පමණ ඉහළ අගයක් වීමද සුවිශේෂී කරුණක් වනවා.

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත සැළකීමේදී ඉහළම ආයු අපේක්ෂාව ACT ප්‍රාන්තයෙන් සටහන් වන අතර අවම ආයු අපේක්ෂාව වාර්තා වන්නේ Northern Territory ප්‍රාන්තයෙනුයි.

2020 වසරට වඩා 2021 වසරේදී ආයු අපේක්ෂාව අඩුවී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් වන අතර අනෙකුත් සෑම ප්‍රාන්තයකම එය ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »