ජේසුස් ක්‍රිස්තුන් සමිදාන්ගේ උපත සිදුවූ අසිරිමත් නත්තල් දිනය අදට යෙදී තිබෙනවා.
ඊට සමගාමීව කිතුණු ජනතාව ඊයේ මධ්‍යම රාත්‍රියේ දෙව් මැදුරුවලට ගොස් දේව පුජාවට සහභාගී වීම සිදුකරනු ලැබුවා.
නත්තල පිළිගැනීම සඳහා මේ වනවිටත් ලොව පුරා කිතුණු බැතිමතුන් සමග ඔස්ටේ්රලියා & ලාංකික කතෝලික ජනතාවද එක්ව සිටී.
අනතුරුව අද දිනයේදී ඔවුන් නත්තල් උත්සවය මහත් උත්සවශ්‍රීයෙන් සැමරීමට කටයුතු කරනු ඇති.
උදාවන නත්තල වෙනුවෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් සහ විපක්ෂ නායක පීටර් ඩට්න් විසින් ඔස්ටේ්‍රලියානුවන්ට සුභ පැතුම් පිරිනමා තිබෙනවා.
අගමැතිවරයා සඳහන් කලේ වැඩ කරන ජනතාවට – ආරක්ෂක අංශ සාමාජිකයන්ට සහ ස්වේච්ඡා සාමාජිකයන්ට ප්‍රසාදය පළකරන බවයි.
ගතවූ වසර දුෂ්කර වසරක් වූ බව මේ අතර විපක්ෂ නායක පීටර් ඩට්න් කියාසිටියා.
එළඹෙන වසර සාර්ථක වසරක් වනු ඇති බවයි නායකයන් දෙපළම සුභ පැතුම් පළ කර සිටියේ.