
උදාවන නත්තල වෙනුවෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් සහ විපක්ෂ නායක පීටර් ඩට්න් විසින් ඔස්ටේ්‍රලියානුවන්ට සුභ පැතුම් පිරිනමා තිබෙනවා.
අගමැතිවරයා සඳහන් කලේ වැඩ කරන ජනතාවට – ආරක්ෂක අංශ සාමාජිකයන්ට සහ ස්වේච්ඡා සාමාජිකයන්ට ප්‍රසාදය පළකරන බවයි.
ගතවූ වසර දුෂ්කර වසරක් වූ බව මේ අතර විපක්ෂ නායක පීටර් ඩට්න් කියාසිටියා.

එළඹෙන වසර සාර්ථක වසරක් වනු ඇති බවයි නායකයන් දෙපළම සුභ පැතුම් පළ කර සිටියේ.
