
සියලුම වික්ටෝරියානුවන්ට දෙසැම්බර් 31 දක්වා ඕනෑම රජයේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයකින් RAT පැකට් දෙකක් නොමිලේ ලබා ගත හැක.
කෙසේ වෙතත්, වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් පවත්වාගෙන යනු ලබන සියලුම PCR පරීක්ෂණ සායන සහ ජංගම එන්නත් සේවා දෙසැම්බර් 31 සිට වසා දමනු ඇත.
COVID-19 රෝගීන්ගේ සිව්වන රැල්ල ප්‍රාන්තය තුළ ඉහළ ගොස් ඇති නමුත් ප්‍රජාව තුළ සම්ප්‍රේෂණය ඉහළ මට්ටමක පවතින බව නිව් සවුත් වේල්ස් ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය Kerry Chant අනතුරු අඟවා තිබේ.

තවමත් රෝහල්වල සහ aged care මධ්‍යස්ථානවල මුව ආවරණ පැළඳ සිටින ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, එම ස්ථාන තුළ මිනිසුන් එම අවශ්‍යතාවලට අනුකූල වීම වැදගත් බව ඇය පැවසුවාය.
මුව ආවරණ ද අවදානම අඩු කරන අතර ජනාකීර්ණ ගෘහස්ථ අවකාශයන්හි ඒවා පැළදීමට නිර්දේශ කරනු ලබන බවත් ඔබ අවට අවදානමට ලක්විය හැකි අය කවුරුන්ද යන්න ඔබ කිසිදා නොදන්නා බවත් ඇය සඳහන් කළාය.

(SBS)