
කාබන් ඇතුලු අහිතකර වායු විමෝචන ඉලක්කය ඉහළ දැමීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2005 වසර හා සැසඳීමේදී පරිසරයට නිකුත් වන විෂ වායු ප්‍රමාණය 2035 වසරේදී සියයට 70 කින් අඩු කිරීමටයි නව ඉලක්කය වී ඇත්තේ.
පසුගිය වසර කිහිපය පුරා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට විවිධ ආපදා තත්වයන් වැඩි වශයෙන් බලපෑමට හේතුවද අහිතකර වායු විමෝචනය ඉහළයාම බවටයි අනාවැකි පළවන්නේ.

නව ඉලක්ක සපුරා ගැනීමේදී නව රැකියා අවස්ථා 13,000 ක් පමණ බිහිවනු ඇති බවටද විශ්වාසය පළවනවා.
ඒ අනුව ඩොලර් බිලියන 40 ක පමණ ආයෝජන බිහිවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
