
මෙවර නත්තල් දිනයේදී පෙර වසරවලට වඩා සිසිල් කාළගුණ තත්වයක් ඔස්ටේ්‍රලියාව පුරා අපේක්ෂා කෙරෙන බව කාළගුණ කාර්යාංශය පවසනවා.
කෙසේවෙතත් බටහිර ඔස්ටේ්‍රලියා සහ Northern Territory කලාප වල දැඩි උණුසුම් තත්වය සාමාන්‍ය පරිදිම බලාපොරොත්තු විය හැකි බවයි කාළගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
මෙල්බන් නගරයට සෙල්සියස් අංශක 14 ත් 23 ත් අතර උෂ්ණත්වයක් අපේක්ෂාකල හැකි අතර ඇතැම්විට නත්තල් දිනයේදී සුලු වර්ෂා තත්වයක් පැවතිය හැකි බවටද පුරෝකථනය කර තිබෙනවා.

සිඩ්නි සහ කැන්බරා නගරවලට සෙල්සියස් අංශක 17 ත් 27 ත් අතර උෂ්ණත්වයක් අපේක්ෂාකල හැකියි.
බ්‍රිස්බන් නගරයේ නත්තල් දිනයේදී අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ක් ලෙසද උපරිමය අංශක 30 ක් ලෙසද පවතිනු ඇති.

ඇඩිලේඩ් හා හෝබාට් නගරවල සෙල්සියස් 14 ත් 25 ත් අතර උෂ්ණත්වයක් පුරෝකථනය කර තිබෙනවා.