ඔස්ටේ්‍රලියා ක්‍රීඩක කැමරන් ග්‍රීන් IPL වාර්තාවක් තියයි

අයි පී එල් ඉතිහාසයේ ඉහළම මිළක් නියම වූ ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයා බවට කැමරන් ග්‍රීන් පත්වුණා.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් 23 හැවිරිදි ඔහු මිළදී ගනු ලැබුවේ ඩොලර් මිලියන 3.15 ක මුදලකටයි.

මෙතෙක් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයෙකුට නියමවූ වැඩිම මුදල සටහන් කර තිබුණේ පැට් කමින්ස් විසින් 2020 වසරේදීයි.

එහිදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඔහු මිළදී ගෙන තිබුණා.

මෙවර අයි පී එල් තරගාවලියේදී ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් 13 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතයි.

2023 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ විශේෂත්වය වූයේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් ඉන්දීය රුපියල් කෝටි 18.5 කට හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අලෙවි වීමයි.

එය අයිපීඑල් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට හිමිවූ ඉහළම මුදල වනවා. සෑම් කරන් මිලදී ගත්තේ පංජාබ් කින්ග්ස් කණ්ඩායමයි.

මේ අතර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන දසුන් ශානක, කුසල් මෙන්ඩිස් හා දුෂ්මන්ත චමීර කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »