
ඔස්ටේ්‍රලියාව තුළදී අලෙවි කෙරෙන සකස් කල මුහුදු ආහාර කුමන රටක සිට ගෙන්වා ඇතිදැයි පාරිභෝගිකයන්ට දැනුම්දීම අනිවාර්ය කිරීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.
සියලු අවන්හල් – cafe සහ හෝටල් සඳහා එම නියමය පැණවීමටයි නියමිතව ඇත්තේ.
මේ අනුව අදාළ මුහුදු ආහාර ඔස්ටේ්‍රලියාවේ නිෂ්පාදිත හෝ වෙනත් රටක සිටක ආනයනය කරන ලද ඒවාද යන්න ආහාර දවටනවල දැක්වීම අනිවාර්ය වනු ඇති.

මීට අදාළ මහජන මත විමසීම් මේ දිනවල සිදුකරන අතර ඉදිරියේදී නීති ලෙස සකස් කිරීමට නියමිතයි.
දැනට මෙම නීතිය අනිවාර්ය වන්නේ සුපිරි වෙළඳසැල් තුළ අලෙවි කරන මුහුදු ආහාර සඳහා පමණයි.
