Search

ඉදිරි සතිය තුළ Lifeline වෙත දිනකට ඇමතුම් 4000 ක්

නත්තල් සහ අලුත් අවුරුදු සමය යෙදී ඇති ඉදිරි සතියක කාලය තුළ දිනකට ඇමතුම් 4000 ක් පමණ ලැබෙනු ඇති බවට ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම මානසික උපදේශන සේවාවක් වන Lifeline පවසනවා.

දුරකථන ඇමතුම් – කෙටි පණිවිඩ මෙන්ම webchat හරහා එම ඇමතුම් ලැබෙනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

නත්තල් දිනය සහ අලුත් අවුරුදු දිනය අතර සතිය තුළදී සාමාන්‍යයෙන් වසරේ අනෙකුත් දිනවලට සාපේක්ෂව ඇමතුම් සියයට 05 ක පමණ ඉහළයාමක් නිරීක්ෂණය වන බවයි Lifeline පෙන්වා දෙන්නේ.

නිවෙස්වල සිටින පිරිස වැඩිවිම හමුවේ ආරාවුල් ඉහළයාම මෙන්ම වියදම් වැඩිවීමෙන් මානසික පීඩනය වැඩිවීම ඊට හේතුවයි.

හැකිතාක් ඉක්මණින් ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමට මෙන්ම හැකි උපරිම ඇමතුම් සංඛ්‍යාවකට ප්‍රතිචාර දැක්වීමට අපේක්ෂා කරන බවයි Lifeline පවසන්නේ.

පැය 24 පුරා ක්‍රියාත්මක වෙත 13 11 14 අංකය හරහා සම්බන්ධ විය හැකියි.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »