නිවු සවුත් වේල්ස් HSC සිසුන් 13,000 කට අත්වැරදීමකින් ඊ-මේල් පණිවිඩයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ HSC විභාගයට පෙනී සිටි සිසුන් අතුරින් 13,000 කට වැඩි පිරිසකට අත්වැරදීමකින් යවා ඇති ඊ-මේල් පණිවිඩයක් සම්බන්ධයෙන් ප්‍රාන්ත සරසවි ප්‍රවේශ මධ්‍යස්ථානය කණගාටුව පළකර තිබෙනවා.

අදාළ සිසුන් ලබන වසරේ සරසවි පාඨමාලා සඳහා බඳවා ගැනීම ප්‍රතික්ෂේප වී ඇති බව දක්වමිනුයි එම දැන්වීම සිදුකර තිබුණේ.

එම ඊ-මේල් පණිවිඩය නොසළකා හරින්නැයිද ලබන ජනවාරි බඳවා ගැනීම් සඳහා ඔවුන්ට තවමත් අවස්ථාව පවතින බවද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සරසවි ප්‍රවේශ මධ්‍යස්ථානය දන්වා සිටිනවා.

මේ පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය සිසුන්ට වහා තමන් අමතන ලෙසටත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සරසවි ප්‍රවේශ මධ්‍යස්ථානය දැනුම් දීමක් සිදුකරනවා.

https://www.9news.com.au/national/hsc-mistake-university-admission-centre-apologises-after-thousands-of-hsc-students-sent-rejection-emails-by-mistake/4b76bc5d-44b1-4505-8189-caf4edb558a1

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »