Search

පාපන්දු පිටියට කඩාවැදුණු තවත් 30 දෙනෙකු අත්අඩංගුවට

මෙල්බන් හි පැවති A ලීග් පාපන්දු තරගාවලිය අතරතුර පිටියට කඩාවැදුණු තවත් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 24 දෙනෙකුට චෝදනා ගොණු කිරීමට නියමිත අතර තවත් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

මේ අතර ලබන සඳුදා පැවැත්වෙන මෙල්බන් වික්ටරි සහ වෙස්ටර්න් යුනයිටඩ් කණ්ඩායම් අතර තරගයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

අදාළ දිනයේදි කළහකාරීව හැසිරුණු 10 දෙනෙකුට මේ වනවිට පාපන්දු තහණම් පණවා අවසන්.

ඉන් 08 දෙනෙකුට අවුරුදු 05 සිට 20 දක්වා කාලයකට අදාළව පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු ක්‍රියාවකට සම්බන්ධවීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

මීට පෙර තහණම් පණවනු ලැබු 02 දෙනාට ජීවිතාන්ත තරග තහණම් පැණවුනා.