මෙවර බොක්සින් දිනයේ ඔස්ටේ්‍රලියානුවන් වියදම් අඩු කරන ළකුණු

මෙවර බොක්සින් දිනයේදී ඔස්ටේ්‍රලියානුවන් විසින් වියදම් කරනු ඇතැයි අපේක්ෂා කරන මුදල ඩොලර් බිලියන 23.5 ක් පමණ වනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.

එය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 7.9 ක ඉහළයාමක්.

ඔස්ටේ්‍රලියානු සිල්ලර වෙළඳ සංගමය නිකුත් කර ඇති වාර්තාවක් අනුව දෙසැම්බර් 26 වනදා සිට ජනවාරි 15 වනදා දක්වා කාලය තුළදී වට්ටම් විශාල ප්‍රමාණයක් සහිතව බොහෝ භාණ්ඩ වර්ග අලෙවි වනු ඇති බවයි.

කෙසේවෙතත් භාණ්ඩ මිළ සහ පොළී අනුපාත ඉහළ අගයක් ගැනීම මෙන්ම උද්ධමනය වැඩිවීම හමුවේ මෙවර තනි පුද්ගල වියදම් ප්‍රමාණය අඩු වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඒ අනුව පසුගිය වසර් බොක්සින් දිනයේදී භාණ්ඩ මිළදී ගැනීම සඳහා ඒක පුද්ගල වියදම ඩොලර් 501 ක් ලෙස පැවතියද මෙවර එය ඩොලර් 483 දක්වා අඩුවනු ඇති බවට ගණන් බලා තිබෙනවා.

මෙවරත් බොක්සින් දිනයේදී ඔස්ටේ්‍රලියානුවන් විසින් වැඩිම මුදලක් වියදම් කරනු ඇති බවට අපේක්ෂා කෙරෙන්නේ Hospitality අංශය සඳහායි.

එය සමස්ත වියදමෙන් සියයට 30 ක් වැනි ඉහළ අගයක් ගනු ඇති බව සඳහන්.

ඇඳුම් හා සපත්තු / විද්‍යුත් උපාංග දෙවන හා 03 වන ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »