Search

නිවාස නොමැති සහ ආර්ථික ප්‍රශ්න වැඩිම පුද්ගලයන් වික්ටෝරියාවෙන්

ඔස්ටේ්‍රලියාව තුළ නිවසක් නොමැතිව නත්තල් සැමරීමට සිදුව ඇති ජනගහණය 640,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් අඩකට ආසන්න පිරිසක් ඔස්ටේ්‍රලියානු පුරවැසියන් බවයි නවතම අධ්‍යයනයකදී අනාවරණ වී ඇත්තේ.

නිවාස මිළ ගණන් ඉහළයාම මෙන්ම නිවාස කුළී ගෙවාගත නොහැකිවීම මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

ප්‍රතිශතයක් ලෙස 2021 වසර හා සැසඳීමේදී 2022 වසරේදී නිවාස නොමැති සහ ආර්ථික ප්‍රශ්න වැඩිම පුද්ගලයන් සංඛ්‍යාව සටහන් වන්නේ ටස්මේනියා ප්‍රාන්තයෙනුයි.

එම ප්‍රතිශතයට සියයට 18.9 ක් වන අතර වික්ටෝරියා ප්‍රාන්තය අඩුම ප්‍රතිශතය වාර්තා කර ඇත්තේ සියයට 7.2 ක් ලෙසිනුයි.

කෙසේවෙතත් සංඛ්‍යාත්මකව 2022 වසරේදී නිවාස නොමැති සහ ආර්ථික ප්‍රශ්න වැඩිම සංඛ්‍යාව වාර්තා වන්නේ ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් වන අතර එම සංඛ්‍යාව 33,934 ක් ලෙසයි ගණන් බලා ඇත්තේ.

https://www.9news.com.au/national/cost-of-living-housing-crisis-state-and-territory-homeless-increases-christmas-australia/f6256f92-e3f1-415e-bfb0-63985d24bc8d

 

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »