මාසයකදී වැඩිම 189 වීසා Invitations නිකුත් කරයි

ඔස්ටේ‍රලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම හිමිකරදෙන 189 visa සඳහා මෑත ඉතිහාසයේ විශාලතම මාසික ආරාධනා පත්‍ර ප්‍රමාණය පසුගිය දෙසැම්බර් 08 වන දින ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 189 වීසා සඳහා මෙම මාසයේදී නිකුත් කර ඇති ආරාධනා පත්‍ර ප්‍රමාණය 35,000 ක්.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ පසුගිය අගෝස්තු මාසයේදී නිකුත් කෙරුණු 189 වීසා ආරාධනා පත්‍ර ප්‍රමාණයයි.

මෙම 189 වීසා සඳහා ආරාධනා පත්‍ර මාසිකව නිකුත් කෙරෙන අතර සාමාන්‍යයෙන් මාසයකට නිකුත් කෙරෙන ආරාධනා පත්‍ර ප්‍රමාණය 2,500 ක් පමණ වනවා.

කෙසේවෙතත් මෙරට දැනට පවතින පුහුණු ශ්‍රමිකයින්ගේ හිගය හමුවේ පෙරට සාපේක්ෂව 189 වීසා විශාල ප්‍රමාණයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව Skilled වීසා සඳහා 79,600 ක්ව තිබූ වීසා කෝටාව 2022-23 මුල්‍ය වර්ෂය සඳහා 142,400 ක් දක්වා වැඩි කර තිබෙනවා.

(SBS)

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »