අධික මීදුම නිසා මෙල්බන් ගුවන් ගමන් රැසක ප්‍රමාදයක්

අයහපත් කාළගුණය හමුවේ අද දිනයේදීත් මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

අධික මීදුම් තත්වය හේතුවෙන් ගුවන් ගමන් ගණනාවක් සිඩ්නි සහ ඇඩිලේඩ් ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇති බව සඳහන්.

නත්තල් දිනයට පෙර වැඩිම පිරිසක් ගුවන් ගමන්වල නිරත වන දිනය අද වනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

ගුවන් ගමන් ප්‍රමාදයන් හමුවේ ඔවුන්ට දැඩි බලපෑම් සිදුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මේ අතර ගොඩබිම් මාර්ගයෙන් විශාල පිරිසක් නිවාඩු ගතකිරීම සඳහා යාම හේතුවෙන් අධිවේගී මාර්ග රැසක දැඩි තදබදයන් ඇතිවිය හැකි බවටද වාර්තා පළවනවා.

විශේෂයෙන් ක්වීන්ස්ලන්ඩ් හි මාර්ග රැසක් ඉදි කිරීම් පැවතීමත් සමග මෙම තත්වය කෙරෙහි අවධානය යොමු කරන ලෙසටයි රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »