Search

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක උෂ්ණත්වය ඉදිරි දින 02 තුළ ඉහළට

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක ඉදිරි දින 02 තුළ උෂ්ණත්වය කැපී පෙනෙන අයුරින් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

ඇඩිලේඩ් නගරයේ උෂ්ණත්වය හෙට දිනයේදී සෙල්සියස් අංශක 25 ක් දක්වාද නත්තල් දිනයේදී අංශක 32 ක් දක්වා සහ බොක්සින් දිනයේදී අංශක 38 ක් දක්වා වැඩිවනු ඇති බව සඳහන්.

දෙසැම්බර් 27 වනදා වනවිට ඇඩිලේඩ් නගරයේ උෂ්ණත්වය පවතිනු ඇති බවට අනාවැකි පළවන්නේ සෙල්සියස් අංශක 40 ක් ලෙසටයි.

මෙල්බන් නගරයේ උෂ්ණත්වය හෙට සිට ලබන 30 වනදා දක්වා සෙල්සියස් අංශක 25 ත් 35 ත් අතර අගයන්හි පවතිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ටස්මේනියා ප්‍රාන්තයටත් ලබන 27 සහ 28 වනවිට සෙල්සියස් අංශක 30 කට ආසන්න අගයක් දක්වා උෂ්ණත්වය වැඩිවනු ඇති බවට වාර්තා පළවනවා.

මෙවර ග්‍රීෂ්ම සෘතුව ආරම්භවීම සති කිහිපයක් පමාවීම හමුවේ වෙන වසරවලට සාපේක්ෂව වැඩි කාලයක් උණුසුම් කාළගුණ තත්වය පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »