Search

ප්‍රාන්ත කිහිපයක රියදුරන්ට double demerit points නියම කිරීම අද සිට

වසර අවසාන නිවාඩු සමය එළඹීමත් සමග ඕස්ටේ්‍රලියාවේ ප්‍රදේශ කිහිපයක රියදුරන්ට ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerit points) නියම කිරීම අද සිට ආරම්භ වනවා.

නත්තල් සහ අලුත් අවුරුදු සමය පුරා මාර්ග අසල රැඳී සිටින පොලිස් නිළධාරීන් සංඛ්‍යාවද ඉහළ දමා ඇති අතර එක් එක් ප්‍රාන්තය අනුව මෙම නීති වෙනස් වනු ඇති.

නිවු සවුත් වේල්ස් සහ ACT ප්‍රාන්තවල අද සිට ජනවාරි 03 වනදා දක්වා දින 11 ක් double demerit points කාලසීමාව බලාත්මකයි.

වේගය ඉක්මවා යාම – ජංගම දුරකථන අවභාවිතය සහ ආසන පටි නොපැළඳීම මෙන්ම හිස් වැසුමක් නොමැතිව යතුරු පැදි ධාවනය සඳහා මෙම කාලසීමාවේදී double demerit points නියම කිරීමට නියමිතයි.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ අද සිට ජනවාරි 08 වනදා දක්වා දින 16 ක් double demerit points කාලසීමාව බලාත්මකයි.

වේගය ඉක්මවා යාම – ජංගම දුරකථන අවභාවිතය – බීමත්ව රිය පැදවීම සහ ආසන පටි නොපැළඳීම මෙන්ම හිස් වැසුමක් නොමැතිව යතුරු පැදි ධාවනය සඳහා එහිදී double demerit points නියම කිරීමට නියමිතයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සමස්ත වසර පුරා ක්‍රමය ක්‍රියාත්මක වන අතර වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා – ටස්මේනියා සහ Northern Territory ප්‍රාන්තවල double demerit points ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැහැ.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »