
නත්තල් දිනයට පෙර ඔස්ටේ්‍රලියාවේ ගුවන් තොටුපළවල කාර්ය බහුලම දිනය අද වනු ඇති බවට අනාවැකි පළවනවා.
ඒ අනුව මෙල්බන් – සිඩ්නි – බ්‍රිස්බන් ඇතුලු ගුවන් තොටුපළ සියල්ලෙහිම පාහේ අතිශය කාර්ය බහුල තත්වයක් පවතිනු ඇති බව සඳහන්.
වසර 03 කට පමණ පසු කිසිදු කොවිඩ් රෙගුලාසියක් නොමැතිව ඔස්ටේ්‍රලියානුවන් විසින් සමරන පළමු නත්තල් උත්සවය මෙයයි.

එබැවින් අති විශාල පිරිසක් නිවාඩු ගත කිරීම සඳහා ඔස්ටේ්‍රලියාවේ වෙනත් ප්‍රදේශවලට මෙන්ම වෙනත් රටවලට යාම හමුවේ ගුවන් තොටුපළ කාර්ය බහුල වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
ජාත්‍යන්තර ගුවන් ගමනක නිරත වන්නේ නම් අවම වශයෙන් පැය 03 කට පෙර ගුවන් තොටුපළට පැමිණෙන ලෙසටයි ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
