මෙල්බන් හි පැවති A ලීග් පාපන්දු තරගාවලිය අතරතුර පිටියට කඩාවැදුණු තවත් 08 දෙනෙකුට Football Australia විසින් තරග තහණම් පණවා තිබෙනවා.
මේ අනුව අදාළ දිනයේදි කළහකාරීව හැසිරුණු 10 දෙනෙකුට මේ වනවිට පාපන්දු තහණම් පණවා අවසන්.
ඔවුන්ට අවුරුදු 05 සිට 20 දක්වා කාලයකට අදාළව පාපන්දු ක්රීඩාවට සම්බන්ධ කිසිදු ක්රියාවකට සම්බන්ධවීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.
අද දිනයේදී තහණම් පැණවූ 08 දෙනාම වයස අවුරුදු 18 ත් 28 ත් අතර වියෙහි පසුවන්නන් බවටයි හඳුනාගෙන ඇත්තේ.
මීට පෙර තහණම් පණවනු ලැබු 02 දෙනාට ජීවිතාන්ත තරග තහණම් පැණවුනා.