
අයහපත් කාලගුණ තත්වය හමුවේ මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් කිහිපයකට බාධා එල්ල වී තිබෙනවා.
අධික වැසි සහ අකුණු තත්වය හේතුවෙන් අද පස්වරුවේ ගුවන් ගමන් ගණනාවක් ප්‍රමාද කිරීමට සිදුවී ඇති බව සඳහන්.
ගුවන් තොටුපළේ කොටසක් ජලයෙන් යටවී ඇත්තේ හි වහළයක් කඩා වැටීම හේතුවෙනුයි.

ඉදිරි පැය කිහිපයේදීත් Maryborough, Ballarat, Melbourne, Traralgon, Sale, Moe යන ප්‍රදේශවලට අධික වැසි තත්වයක් අපේක්ෂා කෙරෙනවා.
අද දිනයේදී ගුවන් මගීන් 100,000 කට ආසන්න පිරිසක් මෙල්බන් ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇති බවටයි වාර්තා පළවී ඇත්තේ.
