මැතිවරණ පරාජය ගැන ලිබරල් පක්ෂ වාර්තාවක් ප්‍රසිද්ධියට

පසුගිය මැයි මස පැවති ෆෙඩරල් මැතිවරණය පරාජයවීමට අදාළව ලිබරල් පක්ෂ සන්ධානය විසින් සකස් කල අභ්‍යන්තර වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මෙන්ම තරග කල අපේක්ෂකයන්ද පරාජයට බලපෑ ප්‍රධාන හේතු අතර වන බවයි.

පැවති රජය කෙරෙහි මහජනතාව තුළ පැවති දැඩි අප්‍රසාදයද තවත් සාධකයක් බව මෙම වාර්තාවට ඇතුළත්.

කාන්තා අපේක්ෂිකාවන් සංඛ්‍යාව අඩුවීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර ඇති අතර 1993 වසරෙන් පසු ලිබරල් පක්ෂයට අඩුම කාන්තා නියෝජනයක් පවතින්නේ වර්තමානයේ බවයි එහි සඳහන් වන්නේ.

ඉදිරි මැතිවරණ ජයගැනීම සඳහා ලිබරල් පක්ෂය විසින් අනුගමනය කල යුතු පියවර කිහිපයක්ද මෙම වාර්තාවට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව සෑම අපේක්ෂකයෙකුම දූෂණ චෝදනාවලින් තොර විය යුතු බවටයි අවධාරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »