
ඔස්ටේ්‍රලියාව තුළ දෙමව්පියන්ට ලැබෙන scam ඝනයට අයත් නවතම වංචාවක් පිළිබඳ ෆෙඩරල් පොලිසිය අනතුරු ඇගවීමක් සිදුකරනවා.
තම දුව හෝ පුතා විසින් එවන ලද කෙටි පණිවිඩයක් ලෙසින් නාඳුනන අංකයකින් එම වංචා සහගත පණිවිඩය ලැබීමයි මෙහිදී සිදුවන්නේ.
මත්ද්‍රව්‍ය කල්ලියක් විසින් තමා පැහැරගෙන ඇති බවටත් ඒ සඳහා ඔවුන්ට අතිවිශාල මුදලක් ගෙවිය යුතු බවටත් එමගින් දන්වා සිටින බව සඳහන්.

මෙම වසර පුරා ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම වශයෙන් සිදුවූ Hi Mum නම් කෙටි පණිවිඩ වංචාව හා සමාන ආකාරයකින් මෙය සිදුවන බවටයි හඳුනාගෙන ඇත්තේ.
2022 වසරේ ගතවූ කාලය තුළදී ඔස්ටේ්‍රලියානුවන් විසින් විවිධ වංචාවන්ට හසුවීමෙන් අහිමිකරගෙන ඇති මුදල ඩොලර් මිලියන 2.6 කට අධිකයි.

වැඩිම වංචා සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ පසුගිය ජූනි සහ ජූලි මාසවලදී බවටයි තහවුරු කරගෙන ඇත්තේ.