Search

විද්‍යුත් උපාංගවල කුඩා බැටරි ගැන යළි සිහි කැඳවීමක්

ත්‍යාග ලෙස හිමිවන ඉලෙක්ට්‍රොනික සෙල්ලම් භාණ්ඩවල ඇති කුඩා බැටරි සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන්නැයි සෞඛ්‍ය අංශ ඔස්ටේ්‍රලියානු දෙමව්පියන්ට දැනුම් දෙනවා.

කුඩා ළමුන් විසින් ඒවා ගිලීමෙන් සිදුවන රෝහල්ගත කිරීම් සංඛ්‍යාව ඉහළයාම ඊට හේතුවයි.

සෑම සතියකම මෙවැනි අනතුරුවලට ලක්වීමෙන් කුඩා ළමුන් 04 දෙනෙකු පමණ හදිසි ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මිලිමීටර් 30 ට අඩු ප්‍රමාණයකින් යුත් ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයක් වයස අවුරුදු 03 ට අඩු ළමුන්ට හානිදායක විය හැකි බවයි වෛද්‍ය මතය වන්නේ.

විශේෂයෙන් ළමුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නැයිද සෞඛ්‍ය අංශ ඔස්ටේ්‍රලියානු දෙමව්පියන්ට දන්වා සිටිනවා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »