
සිය පාරිභෝගිකයන්ට කොවිඩ් වසංගතයට අදාළ වන්දි මුදල් තවත් ඩොලර් මිලියන 207 ක් පිරිනැමීමට මෙඩිබෑන්ක් රක්ෂණ සමාගම සුදානම් වනවා.
ඒ අනුව කොවිඩ් වසංගතයට අදාළව ඔවුන් විසින් ලබාදී ඇති මුලු වන්දි මුදල ඩොලර් මිලියන 950 ක් දක්වා ඉහළ යනු ඇති.
ගතවූ මූල්‍ය ව්රෂයට අදාළව මෙඩිබෑන්ක් ශුද්ධ ලාභය ලෙස ඩොලර් මිලියන 441.2 ක මුදලක් තක්සේරු කර තිබෙනවා.

ඒ අනුවයි එක් එක් පාරිභෝගිකයාට ඔවුන් ලබාගෙන ඇති රක්ෂණ සැලසුම් අනුව ඩොලර් 151 සිට 667 දක්වා මුදලක් වන්දි ලෙස ලබාදීමට මෙඩිබෑන්ක් තීරණය කර ඇත්තේ.
ලබන වසරේ මැයි මාසය වනවිට මෙම මුදල් ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඔවුන් නිවේදනය කලා.

මෙම වසරේ ජනවාරි 01 වනදා සිට ජූනි 30 වනදා දක්වා නේවාසික රෝහල් රක්ෂණ සැළසුමක් පැවති ඕනෑ මෙඩිබෑන්ක් පාරිභෝගිකයෙකුට මෙම වන්දි මුදල හිමිවනු ඇති.