වික්ටෝරියා 000 නියමිත ඉලක්කය සැපිරීමට අසමත් වෙයි

000 හෙවත් වික්ටෝරියා හදිසි ඇමතුම් සේවය මෙම වසරේදි නියමිත ඉලක්ක සපුරාගෙන නොමැති බවට අනාවරණ වි තිබෙනවා.

වසර ආරම්භයේදී ඔවුන්ට ලබාදී තිබු ඉලක්කය වූයේ ලැබෙන ඇමතුම් අතුරින් සියයට 90 කට පමණ තත්පර 05 ක් ඇතුළත ප්‍රතිචාර දැක්වීමයි.

එහෙත් ඔවුන් විසින් වසරේ ගතවු කාලසීමාව තුළදී ප්‍රතිචාර දක්වා ඇත්තේ ඇමතුම් අතුරින් සියයට 64 කට පමණක් බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

කෙසේවෙතත් පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව මේ වනවිට ප්‍රතිචාර දැක්වීමේ කාලය අඩු වී තිබීම සතුටුදායක බව මෙම වාර්තාවට අන්තර්ගතයි.

ජූනි මාසය වනවිට එහි ප්‍රගතියක් අත්කරගෙන ඇතත් අපේක්ෂිත ඉලක්කයට ළගාවීමට තවත් සැළකිය යුතු කාලයක් ගතවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

වික්ටෝරියා හදිසි ඇමතුම් සේවයේ ගුණාත්මක භාවය ඉහළ නංවාලීම සඳහා පසුගිය මාර්තු මාසයේදී ඩොලර් මිලියන 115 ක මුදලක් වෙන් කෙරුණා.

ගිලන්රථ ප්‍රමාදය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තාවීම සැළකිල්ලට ගෙනයි එතරම් ඉහළ මුදලක් වෙන් කර ඇත්තේ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »