
විවිධ හේතු මත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් යාම ප්‍රතික්ෂේප කරන සිසුන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
මානසික හේතු මෙන්ම අලුයම් කාලය තෙක් වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවී සිටීම ඊට ප්‍රධාන හේතු ලෙසටයි විදුහල්පතිවරුන් විසින් වාර්තා කර ඇත්තේ.
කොවිඩ් වසංගත සමයේ නිවාසවල සිටම අධ්‍යයන කටයුතු සිදුකිරීම හමුවේ සිසුන් මෙවැනි දෑ සඳහා ඇබ්බැහිවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම පංතියේ සිසුන් අතුරින් කොන්වීම වැනි කරුණු හමුවේද සිසුන් පාසල් යාම ප්‍රතික්ෂේප කරන තත්වයක් නිර්මාණය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මෙම තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුව විසින් විශේෂ කමිටුවක්ද පත් කර තිබෙනවා.
